Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th June 2020 21:54:46 Hours

නවතමයෙන් උසස්විම් ලැබු මේජර් ජෙනරාල් සංජය වනසිංහට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පලදවයි

නවතමයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජය වනසිංහ අගහරුවාදා (16) දින දහවල් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති හමුවී සුහඳ පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උණුසුම් සුබපැතුම් එක් කරමින් සංකේතාත්මකව නිල ලාංඡන එතුමන් වෙත පැළඳවනු ලැබීය.

මේජර් ජෙනරාල්වරයෙකුගේ බලය හා අධිකාරිය සංකේතාත්මකව එතුමන්ට භාර දීමෙන් පසු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරාල් නිලයේ උසස් වීම වටා ඇති අද්විතීය හා පෙර නොවූ විරූ ආදර්ශමත් නිලධාරියෙකු වීමේ වැදගත්කම පිළිබද ඔහුට මතක් කර දුන්නේ ඔහුගේ පියා රටේ ගෞරවනීය විශ්‍රාමික ජෙනරාල්වරයෙක් වන බැවිනි. අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් සංජය වනසිංහට සුබ පැතුම් එක් කරමින් නව සංකේතාත්මකව නිල ලාංඡන පළඳවනු ලැබීය.

සංවිධානයේ තරු දෙකේ ජෙනරාල් තනතුරකට උසස් කිරීම හා සම්බන්ධ වැදගත්කම සහ එවැනි උසස්වීම් අණ හා පරිපාලනය තුළ යහපත් වන්නේ කෙසේද, යන්නත් යුද්ධ හමුදාධිපති ඔහුට පැවසීය. මෙම නිලයට උසස් වීමෙන් පසු මෙම අධිකාරිය සහ ධුරය දරමින් ආදර්ශවත් හා අගය කළ පුද්ගලයකු වීමේ වැදගත්කම පිළිබඳව ද එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ට අවධාරණය කළේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් සංජය වනසිංහ යුද්ධ හමුදාවේ දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරීයට පත් වූ අතර, එතුමන්ගේ පියා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපති ලෙස වර්ෂ (1988 සිට1991) දක්වා රාජකාරී කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ වන අතර, එතුමන් මෙරට ප්‍රථම ජෙනරාල් වරයාද වේ.

යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂක ධුරයට පත්වීමට පෙර, මේජර් ජෙනරාල් සංජය වනසිංහ 59 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුර, 682 සහ 144 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු යුද්ධ හමුදාවේ විවිධ තනතුරු රැසක් හොඹවනු ලැබු අතර, තවද, IV වන ඊලාම් යුද්ධ සමයේ ඔහු ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලෙසද රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 ජුනි මස 2 වන දින සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිගේඩියර් ඩී.ජී.එස් සෙනරත්යාපා සහ බ්‍රිගේඩියර් සංජය වනසිංහ මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය. Asics footwear | NIKE HOMME