18th November 2023 20:13:58 Hours
ධූරයෙන් නික්ම යන 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරාවාචර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (නොවැම්බර් මස 15) දින මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙත සිය පුෂ්පෝපහාර පුදකළේය.
ධූරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුදකළේය. 54 පාබල සේනාංකය හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන් වෙතින් එතුමන් වෙත විශේෂ සිහිවටනයක් පිරිනැමීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ එතුමන් භටපිරිස් සමඟින් සුහද පිළිසඳරක නිරතවිය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එම සේනාංක මූලස්ථානයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.