Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 19:01:13 Hours

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන් වෙත එම බලකායේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල හමුදා ගෞරාවාචර දැක්වීමේ උත්සවයක් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව අතරතුරදී එතුමන් කාන්තා සෙබළියන්ද අමතනු ලැබීය.

එතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 23 වන බලකාධිපතිතුමන් ලෙස ධූරයේ රාජකාරි සිදුකළේය. උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.