Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2024 18:43:43 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 28) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. එතුමන් සේවයෙන් නික්ම යන විට 18 වන ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලැබීය.

එතුමන් එහිදී සියලු භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය ධූර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පුදකළේය. උත්සව අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.