Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th March 2020 20:42:52 Hours

ධානපතියෙකුගේ සහය ඇතිව යාපනය භටපිරිස් ඇස් කණ්නාඩි බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ 513 වන බලසේනාව එක්ව ඉකුත් සඳුදා (9) දින වඩුක්කොඩෙයි හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල අක්‍ෂි සායනයක් පවත්වමින් අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ඇස් පරික්‍ෂා කොට ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ සුභසාධන ව්‍යාපෘතියක් යාපනය අරාලි සරස්වති පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සමඟ 51 වන සේනාංකයේ සේනාංකාධිපති, 513 වන බලසේනාවේ බලසේනාධිපති මෙන්ම ඇස් කණ්නාඩි බෙදාදීම සඳහා අනුග්‍රහය දැක්වූ ජාතික භාෂා ආයතනයේ සභාපති පාලිත හේවාමුදලි මහතා ද සහභාගී වූහ.

මෙම ඇස් කණ්නාඩි බෙදාදීමේ උත්සවය සහ අක්‍ෂි සායනය සඳහා සහභාගී වූ පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් අමතනු ලැබීය. Best Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf