Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2019 19:02:39 Hours

දෙවන ලෝක යුද්ධයේ අනුස්මරණ ස්මාරකයක් පොළොන්නරුවේ ස්ථාපිත කරයි

දෙවන ලෝක යුද සංග්‍රාමයේ දී දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීමේ අරමුණින් හිටපු හමුදා සාමාජිකයින් විසින් පොළොන්නරුව, ගල්කොරිය ප්‍රදේශයේ ඉදිකරන ලද විශේෂ රණවිරු සැමරුම් ස්මාරකය ඉකුත් සෙනසුරාදා (3) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් නිරාවරණය කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු විශ්‍රාමික ප්‍රවීණයන් සහ දිවිපිදු සියලුම රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. එහිදී, ආගමික වතාවත් සිදුකරමින් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කරන ලදී. Sport media | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival