08th November 2017 20:24:57 Hours
මානසික සුවය සහ ආධ්‍යාත්මික සැනසීම අරමුණු කොට යුද්ධ හමුදා මූලස්ථාන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක් සඳුදා (06) දින සංවිධානය කරනු ලැබූ අතර ඒ සඳහා යුද්ධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි විය.
දෙකටන, බවුන්සෙත් මානසික සුවසෙවණ භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් විසින් මෙහෙය වූ මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 26 ක් සමගින් කාන්තා සෙබලියන් 11 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 18 ක් ඇතුළු සෙසු නිලයින් 56 ක් සහභාගි වූහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උපදෙස් මත මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල හැන්නදිගේ ගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, පසුගිය මාස කිහිපය තුල දී පැවති මෙම වැඩසටහන් අතරින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් වැඩිම පිරිසක් සහභාගි වු වැඩසටහන මෙය වේ.
ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
Asics footwear | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov