Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2017 11:12:28 Hours

දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ

1992 අගෝස්තු මස 08 වන දින යාපනය, කයිට්ස් ප්‍රදේශයේ අරාලී තුඩුවේදි එල්.ටී.ටී.ඊ ය විසින් අටවන ලද බිම්බෝම්බයකට හසුවිමෙන් දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 25 වන ගුණ සැමරුම සඳුදා (7) සහ අඟහරුවාදා (8) දින පවත්වනු ලැබීය.

මෙවර ගුණසැමරුම් උළෙල අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව විරුවාගේ ප්‍රතිමාව අභියසදී සහ තන්තිරිමලේ රජමහා විහරස්ථානයේ දී පවත්වනු ලැබු අතර, එම අවස්ථාව සඳහා ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් සහ ලුතිතන් ජෙනරාල් කොබ්බෑකඩුව ගේ මිතුරන් ද එක්ව සිටියහ.

මෙම ගුණ සැමරුම් වැඩසටහනට සමගාමිව තන්තිරිමලේ ගම්මානයේ අඩු ආදායම් ලාභි පවුල් සඳහා වියලි සලාක පරිත්‍යාග කිරීම සඳුදා (07) වන දින පැවැත්වු අතර, අනතුරුව තන්තිරිමලේ රජමහා විහාර පරිශ්‍රයේ දී දානමය වැඩසටහනක්, බෝධිපුජා සහ ධර්ම දේශනා වැඩසටහන් පවත්වනු ලැබීය.

අනුරාධපුරයේ දී පැවති ගුණ සමරු වැඩසටහන සඳහා ලලී කොබ්බෑකඩුව මහත්මිය, ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ පවුලේ සාමාජිකයින්, මහජනතාව එක්ව සිටි අතර, එහිදි එතුමාගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

එමෙන්ම, අඟහරුවාදා (08) දින ලංකාරාම විහාරයේ දී භික්ෂූන් වහන්සේලා 15 නමක් විෂයේහිලා දානමය පිංකමක් සිදු කළ අතර, කලැත්තෑව ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා කඳවුරේ දී අනෙකුත් ගුණ සැමරුම් වැඩසටහන් පවත්වනු ලැබීය.

යුද හමුදා ඉතිහාසයේ බිහි වූ සුවිශේෂී යුද විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, කර්නල් එච්.ආර් ස්ටිවන්, කර්නල් ජී.එච් ආරියරත්න, කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ ඇතුළු රණවිරුවන් 1992 අගෝස්තු මස 8 වන දින යාපනය, කයිට්ස් හි අරාලි තුඩුවෙහි දී දැයෙන් සමුගත්හ.

ත්‍රිත්ව විද්‍යාලයේ ආදී සිසුවකු වන මෙතුමා 1960 මැයි මස 25 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වී යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන් මූලික පුහුණුව හදාරා අනතුරුව එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියෙන් වැඩිදුර පුහුණුවීම් හදාරා පසුව 1962 අගෝස්තු 03 වන දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායට ඇතුලත් විය.

latest Nike release | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ