Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2020 10:42:43 Hours

දියගම සහ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරනු ලැබු පුද්ගලයින් කණ්ඩායමක් යුද්ධ හමුදා සාමාජිකයන්ට ස්තූති කර නික්මයයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ජීවිතවලට තර්ජනාත්මක අවදානම් තිබෙන මොහොතක. දිවයින පුරා වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථාන 45 කට වැඩි සංඛ්‍යාවක සිටින විදේශිකයන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම සඳහා අඛණ්ඩ කැපවී සිටින භට පිරිස් ඔවුන්ගේ වටිනා කාර්යභාරය ඉටු කරමින් සිටී.

ඉංජිනේරු සේවා බලකාය විසින් පාලනය කරනු ලබන දියගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් පුද්ගලයින් 113 දෙනෙකු ඉකුත් සිකුරාදා (12) දින PCR පරීක්ෂණය හා නිරෝධායන සහතික ලබාදීමෙන් අනතුරුව පිටත් කර හරින ලදි.

එසේම, ඉකුත් සෙනසුරාදා (13) දින 11 වන සේනාංකයේ අධික්‍ෂණය යටතේ පවත්වාගෙන ගිය ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් පුද්ගලයින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් COVID-19 වසංගතය රටින් තුරන් කිරීම සඳහා හමුදාව දැක් වූ ආගන්තුක සත්කාරය සහ කැපවීම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් නික්ම ගියහ. ඔවුන් පිටත්ව යන අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. Authentic Nike Sneakers | Nike Dunk - Collection - Sb-roscoff