Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th February 2018 10:20:11 Hours

දමිළ ක්‍රීඩා සමාජය සහ යුද්ධ හමුදා කණ්ඩායම අතර සුහඳ පාපන්දු තරඟයක්

සංහිඳියාව සහ හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණින් 70 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දමිළ ක්‍රීඩා සමාජය සහ 66 වන සේනාංක පාපන්දු කණ්ඩායම අතර මිත්‍රත්ව පාපන්දු තරඟාවලියක් ඉරිදා (04) දින පරන්තන් යෞවන සමාජ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ මූලිකත්වයෙන් මෙම තරඟාවලිය සංවිධානය කළහ.

පුනරීන්, ඉලංගතිත්‍රි ක්‍රීඩා සමාජය සහ යෞවන සමාජය අවසන් පූර්ව තරඟවලිය වෙනුවෙන් සටන් කළහ. එහිදි ජයග්‍රහණය කළ පුනරීන්, ඉලංගතිත්‍රි ක්‍රීඩා සමාජය වෙත කුසලානය හිමි විය. යුද්ධ හමුදා භට පිරිස් විසින් තරඟය සඳහා ක්‍රීඩා උපකරණ, ආහාරපාන, ජය කුසලාන සහ සහතිකපත් සපයමින් තරඟාවලිය සංවිධානය කොට තිබුණි.

bridge media | New Balance 991 Footwear