Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2019 20:55:14 Hours

දකුණේ පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය ඇතිව අඩු ආදායම්ලාභී පවුල් දෙකකට යාපනය භටපිරිස් නව නිවාස දෙකක් ඉදිකරදෙයි 

යාපනය, කට්කොවෙලම් සහ කරණවායි ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල් දෙකක් වෙනුවෙන් යාපනය භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නිවාස දෙකක් ඉකුත් සෙනසුරාදා (13) දින 55 වන සේනාංකය විසින් සංවිධානය කළ උත්සවයක දී නිවාසලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම නිවාස දෙක විශ්‍රාමික බ්‍රිගේඩියර් හරීන් හලන්ගොඩ ගේ සම්බන්ධීකරණයෙන් ධානපති කුමාර වීරසුරිය මහතාගේ මූල්‍යමය දායකත්වය ඇතිව ඉදිකරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් හා මඟපෙන්වීම මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ ගේ සහ 551 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය ඇතිව එම බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් මෙම නිවාස දෙක ඉදිකරන ලදී.  

අභිනවයෙන් ඉදිකරන ලද නිවාස දෙක නිවාසලාභින් වෙත භාරදීමේ අවස්ථාව සඳහා වඩමාරච්චි-උතුරු සහකාර රාජ්‍ය නියෝජිත, පරිත්‍යාගශීලි කුමාර විරසුරිය මහතා සහ යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද එක්ව සිටියහ.

මෙම උත්සවයේදී, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නිවාසලාභීන් වෙත සංකේතාත්මකව නව නිවාසවල යතුරු භාරදෙන ලදී. තවද, මෙම අවස්ථාව සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් හරීන් හලන්ගොඩ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉංජිනේරු භටපිරිස් එක්ව සිටියහ. Sportswear Design | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!