Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2020 17:20:59 Hours

දකුණු සුඩානයේ සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමසාධක බළඇණියට එක්සත් ජාතින්ගේ පදක්කම් පිරිනමයි

දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමසාධක බළඇණියට එක්සත් ජාතින්ගේ සාමසාධක පදක්කම් පිරිනැමීමේ උත්සවය ඉකුත් බදාදා (27) දින පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජාතින්ගේ සාමසාධක බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් සඩාෂිව් තිනයිකර් (Lieutenant General Shailesh Sadashiv Thinaikar) සහභාගි විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලක සාමසාධක බළඇණිය එම රෝහලේ කරන ලද සේවය අගය කරමින් ඔවුන්ට එක්සත් ජාතින්ගේ පදක්කම පිරිනමනු ලැබීය. නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසුනිලයින් 50 දෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සාමසාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමසාධක බළඇණියට ලුතිනන් කර්නල් එස්.එල්.එස්. කුමාරගේ අණදෙනු ලබයි.

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩාන මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානී ඩෙබොරා ග්වෙන් ෂේන් මහත්මිය සහ ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් සඩාෂිව් තිනයිකර් (Lieutenant General Shailesh Sadashiv Thinaikar) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමසාධක බළඇණිය විසින් සිදුකරනු ලබන වෛද්‍ය ප්‍රමිතීන්, ප්‍රතිකාර හා කැපවීම පිළිබඳව ඉහළින් කථා කළ අතර ගැටුම්වලින් පීඩාවට පත් දකුණු සුඩානයේ රෝහල් සේවාවන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ලබාදුන් ප්‍රබල දායකත්වය අගය කළහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමසාධක බළඇණිය 2019 ජූලි මස 3 වන දින සිට දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලක සාමසාධක රාජකාරී කටයුතු සඳහා යොදවා තිබුණි.

මෙම උත්සවය ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ සංස්කෘතික හා විනෝදාත්මක අංගයන්ගෙන් වර්ණවත් විය. buy shoes | Men Nike Footwear