Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2017 16:23:13 Hours

තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල් වල බැහැර කරන කැලි කසල ඉවත් කිරිමේ ශ්‍රාමදාන ව්‍යාපෘතියක්

රෝහල් බළධාරින්ගේ ඉල්ලිමකට අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සහයෝගයෙන්, රෝහල් අවට පරිසරය හා කැලි කසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රාමදාන ව්‍යාපෘතියක් මාර්තු මස 09 සහ 10 දින එම රෝහල් පරිශ්‍රයන් හිදී පවත්වන ලදි.

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවට අයත් ගජබා රෙජිමේන්තු භට පිරිස් අයියන්කන්කුලම් රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව මාර්තු මස (09) වන දින රෝහල් පරිශ්‍රය පිරිසිදු කල අතර, තුනුක්කායි රෝහලේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව (10) දින 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණියේ භට පිරිස් විසින් එම රෝහල් පරිශ්‍රයේ දී තවත් පිරිසිදු කිරිමේ වැඩසටහනක් පැවැත් වුහ.

ඩෙංගු රෝගය විශාල වශයෙන් ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින අතර, එම තත්වය වැලැක්විමේ අරමුණින් භට පිරිස් විසින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ රෝහල් භූමියේ මදුරුවන් බෝවන ස්ථාන සහ කාණු පද්ධති පිරිසිදු කලහ.

මෙම සමාජ සේවා ව්‍යාපෘතින් සඳහා නිලධාරින් කිහිපදෙනෙකු ඇතුළු 50 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් එක්ව සිටියහ.

latest Running Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1