Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2017 23:44:28 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් භාවනා වැඩසටහන්

ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාත්මික සුවතා භාවනා වැඩසටහන් මාලාවේ තවත් අදියරක් සිකුරාදා (30) දින කඳුබොඩ බවුන්සෙත් මානසික සුවසෙවන භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

මෙම වැඩසටහන එම භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවූහ. ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 51 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 18 දෙනෙකු සහභාගී වූ අතර, සඳුදා (03) දින පැවති එහි දෙවන වැඩසටහන සඳහා යුද්ධ හමුදා කාන්තා සෙබළියන් 6 දෙනෙකු සමඟින් යුද්ධ හමුදා සාමාජිකයින් 53 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 17 දෙනෙකු සහභාගීවූහ.

යුද්ධ හමුදාධිපතිතුමාගේ නිර්දේශය මත යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් හඳුන්වාදුන් මෙම වැඩසටහන් මාලාව මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වී ඇත.

Adidas shoes | Jordan Shoes Sale UK