Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th November 2023 22:22:14 Hours

තවරක්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය

21 පාබල සේනාංකයට අයත් 213 පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 12) දින ගජසිංහපුර, තවරක්කුලම් වැව් බැම්මේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සිය දායකත්වය දැක්වූහ.

අධික වර්ෂාපතනය හේතුවෙන් වැවේ ජල මට්ටම ඉහළ යෑමෙන් වැව් බැම්ම කැඩී යාමේ අවධානමක් පැවතීම හේතුවෙන් එම වැව් බැම්ම අලුත්වැඩියා කිරීම සඳහා ගම්වාසීන් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහයෝගය ඉල්ලා සිටිනු ලැබීය.

21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් හා 213 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් මෙම හදිසි ව්‍යාපෘතිය සඳහා දායක වී සිදුවීමට ගිය විශාල ව්‍යසනයක් වළක්වාගනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා 213 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී, 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.කේ.බී. රත්නායක ආර්එස්පී සමඟින් තවත් එක් නිලධාරියෙක් සහ 30 දෙනෙකුට අධික භටපිරිස් ප්‍රමාණයක් සිය දායකත්වය දැක්වූහ.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය ආසිකුලම් ප්‍රදේශයේ ගම්වාසීන්ගේ ප්‍රශංසාවට ලක්විය.