Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2016 13:21:36 Hours

තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 229 ක් මාදුරුඔය දී විසිර යති

නිලධාරින් 09 දෙනෙකු සහ සෙසුනිළයින් 220 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති පුහුණුව සාර්ථකව අවසන් කොට සෙනසුරාදා (19) දින යුද්ධ හමුදාපතිතුමාගේ ආරාධනයෙන් එහි පැමිණි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.

47 වන විශේෂ බලකා විසිරයාමේ උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා යුද්ධ හමුදාපතිතුමා විසින් පිළිගන්නා ලද අතර එහිදී එතුමන්ට ආරක්ෂක මුරයක් ද පිරිණමන ලදි. ආරක්ෂක ලේකම්තුමා පැමිණීමට මොහොතකට පෙර එම ස්ථානයට සපැමිණි යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විශේෂ බලකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පිළිගන්නා ලදි.

පෙළපාලි අණදෙන්නා විසින් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා වෙත රපෝර්තු කිරීමෙන් අනතුරුව එතුමන් විසින් සම්මාන පෙළපාලිය පරීක්ෂා කරන ලද අතර, අනතුරුව එතුමන් විසින් පාඨමාලාව සඳහා සහභාගී වූවන් වෙත විශේෂ බලකා ලාංඡන පැළඳවීම සිදු කරනු ලැබීය. එමෙන්ම එතුමන් පාඨමාලාවේ විශේෂ දක්ෂතා දැක්වූවන් වෙත කුසලාන ද පිරිණමන ලදි. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විසිරයාමට නියමිත පෙළපාළිය ඇමතීමෙන් පසු යුද්ධ හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ රිද්මයානුකූල වාදනය මධ්‍යයේ විශේෂ බලකා පුහුණුව ලත් පිරිස ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආඡාර කරමින් විසිර යන ලදි.

මෙහිදී විශේෂ බලකා සෙබලුන් ඉදිරිපත් කල පැරෂුට් සංදර්ශනය, ගුවන් කරණම්, නිරායුධ සටන්, ටයිකොන්ඩෝ සංදර්ශනය, නාගරික සටන් සංදර්ශන, විශේෂ බලකා රණකාමිත්වය විදහාපාන නගරබද සටන් සංදර්ශන මඟින් මෙම උත්සවය තවත් වර්ණවත් විය. තවද උත්සවය අවසන් වීමට පෙර ඔවුන් ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටින ලදි.

විසිර යාමේ පෙළපාලියෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා 'කර්නල් ෆස්ලි ලාෆීර් අනුස්මරණ පුස්තකාලය' සහ විශේෂ බලකා පුහුණු පාසල් පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලබන ඔසු උයනෙහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ඉන් අනතුරුව එතුමන් එහි පැමිණ සිටි විසිර ගිය විශේෂ බලකා පිරිසෙහි දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු පිරිස සමඟ සුහද කතාබහක නිරත විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, 55 සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ විසිර ගිය විශේෂ බලකා සෙබලුන්ගේ දෙමාපියන් සහ ඥාති හිත මිත්‍රාදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

Sneakers Store | GOLF NIKE SHOES