Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

08th April 2021 14:09:49 Hours

තවත් පුද්ගලයින් 9,773 දෙනෙකු නිරෝධායන කටයුතු වල නිරතවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 228 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 45 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 183 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 58 ක් ලෙසය. ඊට අමතරව, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 27 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 42 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (10) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,027 ක් වේ. ඉන් පුද්ගලයින් 89,872 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (10) දින උදෑසන වනවිට, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 86,968ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 94,563 ක් වේ. ඉන් පුද්ගලයින් 91,271 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 2,697 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 228 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (10) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. ඔවුන් වවුනියාව සහ යල්වෙල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 595 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (10) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101 ක් තුළ පුද්ගලයින් 9,773 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (09) දිනය තුල PCR පරික්‍ෂණ 5,253 ක් සිදුකර ඇත. Sports Shoes | Sneakers