Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2020 15:07:46 Hours

තවත් නිර්භීත පුතුන් 259 දෙනෙකු ආධුණික පුහුණුව නිම කර මව්බිමට සේවය කිරීමට එක්වෙයි

වෙඩිතල්තිව් ආධුණික පුහුණු පාසලේ පාඨමාලා අංක 12 යටතේ පුරා මාස 06 ක කාලයක් ආධුණික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු ආධුණික සෙබළුන් 259 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියක් ඉකුත් සෙනසුරාදා (28) දින එම පුහුණු පාසල් භූමියේදි උත්කර්ශවත් අයුරින් පවත්වන ලදී.

ගජබා සහ කමාන්ඩෝ යන රෙජිමේන්තු වෙත මෙම අධුණික බඳවාගැනීම් සිදුකරනු ලැබූ අතර ඔවුන්ගේ විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී. එස්.ඩී වැලිකල සහභාගි විය.

මෙම විසිරයාමේ පෙළපාලිය වර්ණවත් සරඹ සංදර්ශණයක්, ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයක්, සරඹ සංදර්ශණයක් හා තුර්ය වාදක සංදර්ශණයකින් සමන්විත වු අතර උත්සවය නැරඹීම සඳහා විසිරයන ආධුණික සෙබළුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ ආරාධිතයින් රැසක් සහභාගී විය.

මෙම ආධුණික සෙබළුන්ගේ දක්‍ෂතා මත හොඳම පෙළ අණදෙන්නා වශයෙන් රයිෆල් සෙබළ ඩී.එම්.එස්.අයි. චන්ද්‍රරත්න තේරී පත්වූ අතර හොඳම පෙළ ලෙස 2 වන පෙළ තේරීපත් විය. වෙඩි තැබීමේ වාර ගණනාවකට පසු හොඳම වෙඩික්කරු ලෙස ආධුණික සෙබළ එච්.එම්.ඒ.ඒ.එස්. තිලකරත්න තේරී පත්විය.

තවද, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා ලෙස ආධුණික සෙබළ ඒ.ජේ.ආර්.කේ. මධුසංක තේරී පත් විය. අවසන් වශයෙන් මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය පාඨමාලා අංක 12 යටතේ පුහුණුව හැදෑරූ ආධුණික සෙබළ ටී.ජී.එම්.එල්. ප්‍රේමවංශ වෙත යෂ්ටිය සහ ජය සංකේත පිරිනමනු ලැබීය.

මේ අතර, හොඳම ඛණ්ඩභාර නිලධාරියා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලුතිනන් බී.කේ.ආර්.එම්. බෝගහපිටිය සහ හොඳම ඛණ්ඩභාර සැරයන්වරයා වශයෙන් සැරයන් පුෂ්පකුමාරට සම්මානය හිමි වූ අතර පාඨමාලාවේ හොඳම ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක ලෙස කාලතුවක්කු සෙබළ ජේ.ආර්.ඩී.පී ජයපාල තේරී පත්විය.

පාඨමාලාවේ දී දක්‍ෂතා දැක්වූ සෙබළුන් හට දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 54 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් සහතික සහ සම්මාන ප්‍රදානය කරනු ලැබීය.

මෙම විසිරයෑමේ පෙළපාලියේ තවත් වැදගත් අංගයක් ලෙස, පුහුණුව හැදෑරූ සෑම සෙබළෙකුටම “තුරු මිතුරු නව රටක්” පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව වටිනා පැළයක් තෑගි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් මෙන්ම 54 වන සේනාංකයේ සහ වෙඩිතල්තිව් ආධුණික පුහුණු පාසලේ සෙසු නිලයින් රැසක් සහභාගී විය.latest Nike release | Nike Shoes