24th November 2023 05:54:43 Hours
පුත්තලම, තබ්බෝව ශ්‍රී ශාක්‍ය මුනින්දාරාම විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම නොවැම්බර් මස 15 දින 7 කණුව ප්‍රදේශයේදී පැවති අතර, එම පුණ්‍ය වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ බැතිමතුන් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් කඨින චීවර පූජා පිංකම පැවැත්වීම සඳහා ආගමික වතාවත් පැවැත්වීම, දානය පිළියෙල කිරීම සහ විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම ආදී කටයුතු සිදුකරනු ලැබීය.
143 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම පුණ්‍ය වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා භටපිරිස් සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.