Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2020 20:41:04 Hours

තනිව තම දරුවන් උස් මහත් කළ මව්වරුන් ඇගයීම වෙනුවෙන් ඔවුන් වෙත ‘වීර්ය මාතා’ ගෞරව නාමය පුදකරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාවේ පූර්ණ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, රණසේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (12) දින උදෑසන ‘වීර්ය මාතා’ (ධෛර්යමත් මව්වරුන්) සඳහා උපහාර පිදිමේ ප්‍රධානෝත්සවයේදී යුද්ධයෙන් මියගිය වීරෝධාර රණවිරුවන්ගේ භාර්යාවන් 110 දෙනෙකුගේ කැපකිරීම අගයකරමින් ඔවුන් වෙත කෘතඥතාවය පුදකිරිමේ උදාර අරමුණ පෙරදැරිව යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම ‘විශේෂ වීර්ය මාතා’ සම්මාන ඔවුන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

මෑතකදී පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවති මෙම උපහාර උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මහත්මිය සහභාගී වූ අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ මෙම නව ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා කැපවූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය විසින් එම අවස්ථාවට සපැමිණි එතුමිය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාවට මතකයන් එක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ව‍ා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

‘වීර්ය මාතාවන්’ වන ඒ ධෛර්ය සම්පන්න මව්වරුන් තම කුඩා පුතුන් හා දියණියන් වෛද්‍ය නිලධාරින්, ඉංජිනේරුවන්, නීතීඥ්‍යයින්, ගණකාධිකාරීවරුන්, පරිපාලකයින්, කලාකරුවන්, ව්‍යවසායකයින්, ගුරුවරුන්, උපදේශකයින්, තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින්, විද්‍යාඥයින්, මිනින්දෝරුවන් ආදී සමාජයේ පිළිගත් පුද්ගලයින් බවට පත් කිරීමෙහිලා අනුපමේය මෙහෙයක් ඉටු කිරීම වෙනුවෙන් එම උදාර මාතෘත්වය අගයකරමින් පැවති උත්සවයේදී එම මව්වරුන් සහ දුවා දරුවන් වෙත වේදිකාව වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව විශේෂ සම්මාන, සහතික සහ මූල්‍යමය ත්‍යාග ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී, මියගිය වීරෝධාර රණවිරුවන්ට ගෞරව කිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව එම මව්වරුන් සහ දුවා දරුවන් අතහැර මෙලොවින් සමුගත් පියවරුන්ගේ නිර්භීතකම සහ මේ වන විට විවිධ අභියෝග සහ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති ධෛර්යය සම්පන්න මව්වරුන්ගේ කැපවීම සහ නොපසුබට උත්සහය හා බැඳි ඓතිහාසික කථාවක් ඉස්මතු කරමින් නිර්මාණය කරන ලද කෙටි වීඩියෝපටයක් ද ප්‍රදර්ශණය කරනු ලැබීය.

ඉන් අනතුරුව, යුධ විරුවන්ගේ භාර්යාවන් 110 දෙනාගේ මෙම උදාර ධෛර්යයේ කැපකිරිම වෙනුවෙන් ඔවුන් සැබෑ මව්වරුන් ලෙස මෙම ගෙෘරවනීය වේදීකාවේදී ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ඔවුන් වෙත ‘වීර්ය මාතා’ සම්මාන ප්‍රදානය කිරීම සඳහා ප්‍රථමයෙන්ම දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මහත්මිය ඉදිරිපත් වූ අතර ඉන් පසුව, ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය, සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප්‍රභාවී ඩයස් මහත්මිය සහ ඩී.එෆ්.සී.සී බැංකුවේ උප සභාපති ඇන්ටන් ආරුමුගම් මහතා සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය යටතේ, සෑම ධෛර්යවන්ත මවකටම ත්‍යාග පාර්සල්, සිහිවටන සහ සහතිකපත් වලට අමතරව ඩී.එෆ්.සී.සී බැංකුව, යුද්ධ හමුදාධිපති අරමුදල සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකක අරමුදල එක්ව රුපියල් 30,000/= බැගින් මූල්‍යාධාර ද පිරිනමනු ලැබීය.

මෙහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති විසින් සිදුකළ සිය දේශනයේදී එම ධෛර්ය සම්පන්න මව්වරුන්ගේ ආදර්ශවත් කැපවීමට මෙන්ම වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම ආදරණිය පියවරුන් දිවයිනේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් වීරෝධාර රණවිරුවෙකු ලෙස දිවිපිදීමෙන් පසුව අපේ යොවුන් දරුවන් තනිව පෝෂණය කිරීමට නිර්භීත වූ එම මව්වරුන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව ද මෙහිදී හිමිවිය. (සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ)

මෙදින වැඩසටහන අවසානයේදී යුද්ධ හමුදාධිපති සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති ආර්යාවට වේදීකාවට ආරාධනා කිරීමෙන් අනතුරුව ඇය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සවයේ දෙවන කොටසේදී, සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එහි සපැමිණි ඕලන්වේ භාෂා හා තාක්‍ෂණ ආයතනයේ නිර්මාතෘ සහ උපදේශක අරුණි වික්‍රමගේ මහත්මිය විසින් ස්ත්‍රින්ගේ වැදගත්කම සහ පවුලේ වර්ධනයට, දුවා දරුවන්ගේ හා යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ඔවුන් දක්වන අනගි දායකත්වය පිළිබඳව විශේෂ දේශනයක් පවත්වනු ලැබීය. තවද, මෙම අවස්ථවේදී ‘306 සී සිංහ සමාජය’ වෙතින් මහන මැෂින් 8 ක් සහ රෝද පුටු 02 ක් මෙන්ම රුපියල් ලක්ෂ 04 ක මූල්‍යමය පරිත්‍යාගයන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

මෙම උපහාර උත්සවය සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ප්‍රසන්න චන්ද්‍රසේකර, සේවා වනිතා ඒකකයේ විධායක නිලධාරින් සහ සාමාජිකාවන්, නිලධාරින් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් ද සහභාගි වූහ. best shoes | 『アディダス』に分類された記事一覧