Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 07:13:15 Hours

තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරී භාරගත්තේය.

එහිදී එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරී භාරගත් අතර, එම අවස්ථාව සඳහා තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන්ද සහභාගී වූහ.

ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම එතුමන් 14 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් ධූරයේ රාජකාරී හෙබවූයේය. මීට ප්‍රථම මෙම ධූරය බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් හොබවන ලදී.