Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 19:06:14 Hours

ඩෙංගු මර්ධනයට 57 වන සේනාංකයේ භට පිරිස් සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් විසින් නොවැම්බර් මස 10 සහ 11 දිනයන්හි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට සමගාමීව කිලිනොච්චි සහ පරන්තන් ප්‍රදේශය ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබළුන් 50 දෙනෙකු කිලිනොච්චිය පොලිසිය, වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් සමඟ එක්ව මෙම ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ක්‍රියාකාරිව දායක විය.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ ප්‍රදේශයේ නිවාස, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ වෙනත් ස්ථාන පරික්ෂා කළ අතර, එහිදි ඩෙංගු වසංගතය සහ මර්ධනය කල යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදි.

Mysneakers | Mens Flynit Trainers