Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2017 09:22:55 Hours

ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ

හමුදා අධ්‍යාපනය පිළිබඳව වඩාත් පිළිගැනීමට ලක් වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාර පිදිමේ උත්සවයක් අඟහරුවාදා (අප්‍රේල් 04) දින සන්ධ්‍යාවේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපතිවරයාගේ ආරාධනයකට අනුව මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, එම සැමරුම් උත්සවය ආරම්භ කරමින් ජෙනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්විම සිදු කළහ.

එමෙන්ම, පුෂ්පෝපහාර දැක්වීම සඳහා මාලනි කොතලාවල මැතිණිය, එම විශ්ව විද්‍යාලයේ කුලපති අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි සහ එහි උපකුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව, යුද හමුදාපතිතුමා මෙහි ප්‍රධාන දේශනය සිදු කරමින් දැයෙන් බිහි වූ විශිෂ්ඨතම යුග පුරෂයෙකු වූ ජෙනරාල් ජොන් කොතලාවල ශ්‍රීමතානන්ගේ දැක්ම සහ මෙහෙවර අගයමින් සිය උපහාරය පුද කළ අතර, නිදහස් ශ්‍රී ලංකාවේ 3 වන අග්‍රාමාත්‍යවරයා වූ එතුමා පිළිබඳව අධ්‍යයනයක යෙදෙන ලෙස ද මෙහි ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයන් වෙත අවධාරණය කළහ.

තවද, ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වැඩිදුරටත් අදහස් දක්වමින් මියගිය ජෙනරාල් ජොන් කොතලාවල ශ්‍රීමතානන්, හමුදා ඉතිහාසයේ මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ද හදවත් තුල සදා නොමැකෙන සංකේතයක් බව ද පැවසූහ.

මෙම වැඩසටහනේ තවත් අංගයක් ලෙස යුද හමුදා සිවිල් සේවකයන්ගේ ළමුන් 8 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සිදු කරනු ලැබිය.

උපකුලපති රියල් අද්මිරාල් ජගත් රණසිංහ, නියෝජ්‍ය උපකුලපති බ්‍රිගේඩියර් ඉදුනිල් රණසිංහ ( ආරක්ෂක සහ පරිපාලන), නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් ආරියරත්න (අධ්‍යයන), ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ පවුලේ සාමාජිකයින්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලය, කෙඩෙට් නිලධාරින්, ශීෂ්‍ය ශීෂ්‍යාවන් සහ සම්භාවනිය අමුත්තන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

bridgemedia | jordan Release Dates