Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2024 19:56:51 Hours

ජෙනරල් මහේෂ් සේනානායක (විශ්‍රාමික) ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

යුද්ධ හමුදාවේ 22 වන යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨතම නිලධාරියෙකු වන ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) සිකුරාදා (ජනවාරි මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

එම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්, හිටපු විශ්‍රාමික යුද්ධ හමුදාධිපතිතුමන්, එතුමන්ගේ සේවා කාලය තුළ විවිධ ධූරයන්හි රාජකාරී සිදුකරමින් යුද්ධ හමුදාවට කළ අගනා දායකත්වය සහ සේවය සිහිපත් කළේය. එහිදී එතුමන් මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුද කරමින් සුබ පැතුම් එක් කළේය.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ජෙනරල් මහේෂ් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී (විශ්‍රාමික) වෙත සිය සුබ පැතුම් එක් කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.