Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2020 19:02:56 Hours

ජාතික රණවිරු අනුස්මරණ දිනයේ පුෂ්පෝපහාර පූද කරමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ සදාකාලික මතකයන් සිහිපත් කරයි

ජාතික සාමය සහ සංහිඳියාව යථාර්තයක් බවට පත්කරගනිමින් රටේ ඒකීයභාවයත්, සාමාන්‍ය ජනජීවිතවල හෙට දවසත් සුරක්‍ෂිත කරනු පිණිස ක්‍රියාන්විතයේ දී ජිවිත පූජාකල ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජාතික රණවිරු අනුස්මරණ දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර, බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි.

මෙම 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයේ සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට සම්භාවනිය ආරාධිතයින්, ගරු අග්‍රාමාත්‍යතුමන්, බස්නාහිර පළාත් අණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට්, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ මීට වසර 11 කට පෙර වර්ෂ 2009 දී අවසන් වූ වසර 30 කට අධික කාලයක් තිස්සේ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් සටනේදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් 28,619 දෙනෙකුගේ ලඟම ඥාතීන් සිය මතකයන් සිහිපත් කර ඔවුන්ට පූෂ්පෝපහාර පුද කිරීම සඳහා එක්වූහ.

ආරක්‍ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය සංවිධානය කල මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය අඟහරුවාදා (19) දින පැවැති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ දු පුතුන්, බිරින්ඳෑවරුන් හා පවුල්වල සාමාජිකයින් එක්වූහ. මැයි මාසය යුද වීරයන්ගේ සැමරුම් මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, ආරක්‍ෂක අමාත්‍යාංශය වාර්ෂිකව මෙම උත්සවය දිවයින පුරා සමරනු ලබයි. එහෙත් මේ වසරේ පවත්නා සෞඛ්‍ය සීමාවන් හේතුවෙන් එම සැමරුම් උත්සව සීමා කර ඇත.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ව, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධිර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මාතෘ භූමිය ආරක්‍ෂා කිරීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ සියලු රණවිරුවන්ගේ මතකයට ගෞරව දැක්වීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීමට මෙම අවස්ථාවට සපැමිණි සියලු දෙනා එක්වූහ. ‍භික්ෂූන් වහන්සේලා, පූජකවරු ඇතුළු පූජ්‍ය පක්‍ෂය විසින් ආගමික වතාවත් සිදු කරමින් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට සහ ආබාධිත රණවිරුන්ට මෙන්ම සේවය කරන සියලුම රණවිරුවන්ට ආශීර්වාද එක් කරන ලදී.

උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාවේ රණබෙර, හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදාගනිමින් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ තුර්යවාදක කණ්ඩායම් විසින් සිදුකලා වූ රණ බෙරහඬරට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර් භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය විය.

ඉන් අනතුරුව, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධිර විසින් පිළිගැනීමේ දේශන සිදුකරමින් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රමාත්‍යතුමන් ඇතුළු පැමිණ සිටි සම්භාවනිය අමුත්තන් සියලුදෙනා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. දවසේ උත්සව කටයුතු ආරම්භයේ දී ජාතික ගීය ගායනා කරමින් දේශප්‍රේමී හැඟීම් සිත් සතන් තුල ජනිත කරවිණි.

ගෞරවනීය උත්සවය ආරම්භයෙන් පසුව අතිගරු ජනාධිපතිතුමා මෙම අවස්ථා ඇමතීය. (එතුමන්ගේ දේශනය පහතින් බලන්න).

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප‍්‍රධාන ගාමක බලවේගය වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, වර්ෂ 2009 මැයි මාසයට පෙර ආරක්‍ෂක ලේකම් ලෙස සේවය කරමින් සිටියදී රට වෙනුවෙන් සියලු රණවිරුවන් දැක්වූ මිල කළ නොහැකි හා කැපවූ සේවය සිහිපත් කළ අතර සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ වගකීමක් ලෙස ඔවුන් රැකබලා ගැනීමේ වැදගත්කම ජාතිය අමතමින් අවධාරණය කළේය.

ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමත්‍යතුමන්, බස්නාහිර පළාත් අණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිලිට්, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති රණවිරු ස්මාරකය අභියසට පිළිවෙලින් ගමන් කර ස්මාරකය පාමුල මල් කලඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන්ට පුෂ්පෝපහාර පුද කළහ.

ශෝකය, වේදනාව සහ සංවේදී බව පිරී තිබුණු මොහොතක ජීවත්ව සිටින අයට තම මතකයන් නැවත සිහිපත් කරමින් ලීලා කොබ්බෑකඩුව මැතිණිය ඇතුළු දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු සහ පවුල්වල සාමාජිකයින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපාහාර පුද කරමින් රටේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා කැපවූ විරෝදාර රණවිරුවන් සිහිපත් කළහ. රට වෙනුවෙන් දිවිපිදු රණවිරුන්ගේ ලඟම ඥාතින් ඔවුන්ගේ ගෞරවය අභිත රණවිරුවන් වෙත දැක්වීම සඳහා ස්මාරකය අභියස පෙළ ගැසි ඔවුන්ගේ මතකයන් අවදිකරමින් අභිත රණවිරුවන් සිහිපත් කර ස්මාරකය පාමුල දණින් නැමි පුෂ්පෝපහාර පුදකරන අවස්ථාව ඉතා හැඟිම්බර මෙන්ම සංවේදි අවස්ථාවක් විය. එම අවස්ථාවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගෙන ඉහළ අහසේ සිට ස්මාරකය මතට පුෂ්පෝපහාර පුද කරමින් මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් සහ වර්ණවත් බවක් එක් කළේය.

ක්‍රමයෙන් අඳුර වැටිමත් සමඟ හමුදා සම්ප්‍රදායන් ආරම්භ විය. හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. ජනාධිපතිතුමා සම්භාවනීය අමුත්තන් සමඟ එක්ව දිවිපිදු රණවිරුවන්ට ගෞරව කිරීමක් ලෙස ස්මාරකය අභියස අනුස්මරණ පහන් දැල්වීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩලවල අධ්‍යක්‍ෂකවරුන්, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත රණවිරු ධජ නිකුත් කිරීම, සමරු මුද්දර නිකුත් කිරීම, පළාත් අනුස්මරණ උත්සව පැවැත්වීම, ආගමික උත්සව පැවැත්වීම, දිරිදීමනා පිරිනැමීම, රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරීනැමීම සහ නිවාස ඉදිකරදීම වැනි පුළුල් ව්‍යපෘති රාශියක් සමගින් වාර්ෂිකව යුද වීරයන්ගේ සැමරුම් මාසය සමරනු ලබයි. Buy Kicks | Sneakers