Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2017 07:34:47 Hours

ජාතික පොල් වගාකිරිමේ ව්‍යාපෘතිය මුලතිව් ප්‍රදේශයේදි සාර්ථකව ක්‍රියාත්මක කෙරේ

මුලතිව් දිස්ත්‍රික්කයේ මරිටයිම්පත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඔඩ්ඩුසුඩාන් පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාවේ සහයෝගයෙන් සම්ප්‍රදායික වශයෙන් පොල් වගානොකරන ප්‍රදේශයන් වන ඔඩ්ඩුසුඩාන්, මුලතිව් සහ පුතුකුඩිඉරිප්පු යන ප්‍රදේශයන් හි පොල් වගා කිරිම ව්‍යාප්ත කිරිමේ ජාතික මෙහෙවරට දායක වෙමින් 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු‍ගේ උපදෙස් පරිදි එම සේනාංක භට පිරිස් පොල් වගා කිරිමේ මණ්ඩලය හා එක්වෙමින් පසුගිය බදාදා (13) දින පොල් පැල 1000 ක් එම ප්‍රදේශයේ ජනතාව වෙත බෙදා දිම සිදුවිය.

මෙම පොල් පැල බෙදාදිමසදහා ඔඩ්ඩුසුඩාන් පොල් සංවර්ධන නිලධාරි ආර්.එම් රත්නායක මහතා එක්වු අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු‍ගේ උපදෙස් මත ‍වන සේනාංකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Adidas shoes | AIR MAX PLUS