24th May 2019 20:25:24 Hours
ඒකාබද්ධ මෙහෙයුම් මූල්සථානයේ ආඥාපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් පොලිස් නිලධාරීන් සමඟ එක්ව සැකසහිත ස්ථානයන්වල පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තවත් සැකසහිත උපකරණ සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකරනු ලැබේ.
පසුගිය සිකුරාදා (24) දින, බදුරලිය පොලීසියට ලැබු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ භටපිරිස් සහ පොලිස් නිලධාරීන් විසින් දික්හේන්පුර කණිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ තිබී අත්බෝම්බ 13 ක් සහ අඩි 17 ක දිගකින් යුක්ත නම්‍යශීලී වයර් තොගයක් සොයාගන්නා ලදී.
මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පස්වරුවේ මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිස් නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන 10 ක්, කඩුවක්, හිස් පතුරම් කොපු 5 ක්, ආරක්ෂක සෝදිසි ලාම්පුවක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එදිනම තිහාරිය ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිස් නිලධාරීන් විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදී යුද්ධ හමුදා නිල ඇඳුම් කට්ටල 6 ක්, සිතියම් 88 ක්, සවුදි අරාබි හැඳුනුම්පත් 2 ක්, සංග්‍රාමික ටී ෂර්ට් 106 ක් සහ සංග්‍රාමික ඇඳුම්, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ පොත් 2 ක්, ISIS සංවිධානයේ හමුදා සැලැස්මක්, ජංගම දුරකථන 4 ක්, විඩියෝපට 5 ක්, වායු රයිෆලයක්, වායු රයිෆල් උණ්ඩ, බැටන් පොල්ලක්, දුරදක්නයක් ඇතුළු සැකසහිත ඡායාරූප කිහිපයක් සොයාගත්හ. එමෙන්ම, පුත්තලම, නැදුන්කුලම් ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිස් නිලධාරීන් විසින් තවත් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එහිදි, ෂොට්ගන් පතුරම් හිස් කොපු 347 ක්, කඩු 2 ක්, නන්චක්කු 4 ක් සහ ෂොට්ගන් පතුරමක් සොයාගන්නා ලදී.
පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පස්වරුවේ යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය එක්ව අළුත්ගම ධර්ගා නගරය සිදුකල සෝදිසි මෙහෙයුමකදී ව්‍යාජ හැඳුනුම්පත් 2 ක්, ව්‍යාජ ගමන් බලපත්‍ර 2 ක් ඇතුළු සැකසහිත ද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීමට සමත්විය.
මේ අතර, එදිනම කොටිකාවත්ත සහ වැල්ලවත්ත ප්‍රදේශයන්හී සිදුකල සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ විශාල තොගයක්, වායු රයිෆල් උණ්ඩ 5000 ක්, වායු රයිෆල් 2 ක්, ඩ්‍රෝන කැමරාවක්, හිමිකරුවෙකු රහිත යතුරු පැදියක් සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 2 ක් සොයාගන්නා ලදී.
එමෙන්ම, පසුගිය බදාදා (22) දින හුණුපිටිය ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ තොරතුරු සහ වීඩියෝපට ඇතුලත් ලැප්ටොප් පරිඝණක 6 ක්, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වීඩියෝපට කිහිපයක්, ජංගම දුරකථන 6 ක්, හෙරෝයින් පැකට් 7 ක්, කඩුවක්, කුවේට් හැඳුනුම්පත් 4 ක්, කුවේට් යුද්ධ හමුදා නිල ඇඳුම් කට්ටලයක්, විදේශීය සිම්පත්, කැසට්පට, දුරදක්නයක් ඇතුළු තවත් විවිධ යුදමය උපකරණ රැසක් සොයාගන්නා ලදී.
මේ අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් මීතොටමුල්ල, බොරලැස්ගමුව, මෙගොඩකොලොන්නාව, තොටවත්ත, නාගවිල්ලුව ඇතුළු අවට ප්‍රදේශයන්හී සිදුකල සෝදිසි මෙහෙයුම්වලදී කඩු 4 ක්, සැකසහිත යතුරුපැදි 4 ක්, ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වීඩියෝපට හා හඬපට ඇතුලත් CD තැටි තොගයක් ඇතුළු සැකසහිත උපකරණ රැසක් සොයාගැනීමට සමත් විය.
මෙම සෝදිසි මෙහෙයුම් අතරතුරදී, අත්අඩංගුවට ගත් සැකකරුවන් 63 දෙනෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාර දෙන ලදී. Sports brands | Sneakers