Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd May 2019 19:44:25 Hours

ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 10 දෙනෙකුන් හට උසස්වීම්

සාමයේ දසවර්ෂාභිශේක සැමරුමට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවෙහි ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 10 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස්කර ඇති බව බදාදා (22) දින සවස යුද්ධ හමුදා මූලස්ථාන යුද සේවා ලේකම් කාර්යාලය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.

මෙසේ අභිනවයෙන් උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් වනුයේ, ඉදිරි නඩත්තු පෙදෙස උතුර ආඥාපති ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් බ්‍රිගේඩියර් කේ.එම්.ආර්.පී. කරුණාතිලක, පුනානි පතරොම් ගබඩාවේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලීස් හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් අයි.ඕ.ඩබ්ලිව්. මාදොල, මින්නේරිය පාබල හමුදා පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබන ගජබා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් පී.ජේ. ගමගේ, 21 වන සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කරනු ලබන ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එච්.පී.එන්.කේ. ජයාපතිරණ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ආර්.කේ.බී.එස්. කැටකුඹුර, 68 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් බ්‍රිගේඩියර් ඒ.එස්. ආරියසිංහ, 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.සී.කේ.කොස්තා, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් ආයතනයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබන ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් පී.අයි. පතිරත්න, 54 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කරනු ලබන ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.එච්.ඒ.එස්. බණ්ඩාර, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරනු ලබන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් බී.පී.එස් සිල්වා යන ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන්ය.latest Running Sneakers | AIR MAX PLUS