Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2018 16:50:51 Hours

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ දුක් ගැනවිලි නැවත අවධානයට

අද පෙරවරුවේ කොළඹ කොටුවේ දී තමන් හට හමුදා පරිපාලන කටයුතු තුල දී අසාධාරණයක් සිදු වූ බව පවසමින් විරෝධතාවයක් පැවැත් වූ හිටපු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ දුක්ගැනවිලි නැවත පරික්ෂා කර එහි යම් ප්‍රමාදයක් ඇත්නම් නැවත සලකා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශ කරයි.

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථාන බලඇණියට අනුයුක්තව සේවය කළ මෙම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී ඕලුමඩු ප්‍රදේශයේ දී තුවාල ලබා ඇති අතර, ඔහු මීට මාස කිහිපයකට පෙර සිය සේවා ස්ථානයෙන් තනතුර අතහැර පිටව ගොස් ඇත. අද (26) දින පැවැත් වූ විරෝධතාවයේ දී ප්‍රකාශිත වූයේ ඔහුගේ සහෝදර සෙබලුන් හට එක් ආකාරයකටත් තමන්ට වෙනත් ක්‍රමවේදයකටත් සලකන බවත් සිය කාරණයේ දී යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතුවල දී යම් අසාධාරණයක් සිදුව ඇති බවත්ය.

ඒ වන විට ද විරෝධතාවය සඳහා කුලුනකට නැඟ සිටි ඔහු සමඟ කොටුව පොලීසියේ නිලධාරීන් සාකච්ඡා කොට ඉන් මුදවාගෙන යුද්ධ හමුදාව වෙත මෙම කාරණය යොමු කොට ඇත. (නිමාව)

Running sports | Men’s shoes