Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2016 16:18:42 Hours

ජල කළමනාකරණය පිළිබඳව නැගෙනහිර සෙබලුන් දැනුවත් කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන 23 වන සේනාංක සෙබලුන් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ජල කළමනාකරණය පිළිබඳව භට පිරිස් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බ්‍ර‍ස්පතින්දා (10) දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය. මෙහි දී නැගෙනහිර පළාත් ජාතික ජල සම්පාදන හා ජලාප්‍ර‍වාහන මණ්ඩලයේ ප්‍ර‍ධාන ඉංජිනේරු නිලධාරී යු.කේ.එම් මුසාජිත් මහතා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලය විසින් “ජල පරිභෝජනය සහ කළමනාකරණය” පිළිබඳව දේශනය පවත්වනු ලැබීය. 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ හෙට්ටිආරච්චි සමගින් මෙම දේශනය සඳහා එම සේනාංකය යටතේ සිටින බලසේනා සහ බලඇණිවල නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයින් 240 දෙනෙකු සමගින් හමුදා සාමාජිකයින් 260 දෙනෙකු සහභාගි වූහ. Sports brands | Shop: Nike