Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2019 17:30:50 Hours

ජර්මානු තානාපති යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ජර්මානු ෆෙඩරල් ජනරජ තානාපති කාර්යයාලයේ තානාපති අතිගරු ජෝන් රෝඩ් (His Excellency Joern Rohde), යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (4) දින සංචාරයක නිරතවූ අතර, එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමඟ නිල සාකච්ඡාවක් පැවැත්වීය.

මෙහිදි, තානාපතිවරයා සහ ඔහුගේ සහායකවරයා දැනට යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක සිවිල් ජනතාව සමඟ යුද්ධ හමුදාව සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබන ව්‍යාපෘතින් හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අදාළ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවන් වලදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් යාපනය අර්ධද්වීපයේ සිදු කරනු ලබන ඉඩම් නිදහස් කිරිම හා නැවත පුද්ගලයින් පදිංචි කිරිම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළු පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පවත්වන ලදී. Sportswear Design | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ