Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 15:10:53 Hours

ජනප්‍රිය කලාකරුවන් සමඟ එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුරේ සංචාරයක

දෙරණ රූපවාහිණියේ විකාශය වන අම්මයි - දුවයි (මව සහ දියණිය) විනෝදාත්මක වැඩසටහන රඟ දක්වන ජනප්‍රිය කලාකරුවන් පිරිසක් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ එක්ව ඉකුත් සෙනසුරාදා (23) දින මිහිදු සෙත් මැදුරේ සංචාරයක නිරතව එහි නේවාසිකව ප්‍රථිකාර ලබන යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව පැය කිහිපයක් විනෝදයෙන් ගත කරන ලදී.

මෙම වැඩසටහන යුද සහකාර සහ මිහිදු සෙත් මැදුරේ මෙන්ම පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂතුමන් විසින් සංවිධානය කරනු ලැබු අතර අනතුරුව එහි නේවාසිකව ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුන්ගේ ප්‍රයෝජනය ෆේසියා පුද්ගලික සමාගම අනුග්‍රහකත්වයෙන් යතුරු පුවරුවක් තෑගි කරනු ලැබීය.

අනතුරුව දෙරණ තූර්ය වාදක තරඟයේ අනුශූරතාවය දිනාගත් සංගීත කණ්ඩායම සංගීතය සපයමින් ගීත ගායනා කළ අතර, එම අවස්ථාවට සහභාගීවී සිටී යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු අබාධිත රණවිරුවන් පැමිණි කළාකරුවන් සමඟ විනෝද වූහ.

එම අවස්ථාව සඳහා ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා, යශෝධා විමලධර්ම, චතුරිකා පීරිස්, ජනප්‍රිය නළු රොෂාන් රණවන සහ තවත් ජනප්‍රිය ටෙලි තරු, ගායක ගායිකාවන් සහ රසික රසිකාවියන් බොහෝ පිරිසක් එක්වූහ.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රුවන් කුලතුංග, පුනරුත්තාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්.එස් රාජකරුණා සහ මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි විය. Best Nike Sneakers | Nike Shoes, Sneakers & Accessories