Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ රැකවරණය
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා සංවිධාන ව්‍යුහය
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
සරඹ උපදේශන සංග්‍රහය
හමුදා නියෝග
පදක්කම් විස්තරය
යුද්ධ හමුදා රෝහල්
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
ගුවන් අලෙවිපත් මධ්‍යස්ථානය
රණවිරුවා සඟරාව
ආරක්ෂක සේනා මුලස්ථාන
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - කිලිනොච්චි
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ආරක්ෂක තත්ත්ව වාර්තා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
ක්‍රීඩා
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
සිවිල් සේවක කාර්යමණ්ඩලය
අප අමතන්න
06th February 2016 01:00:34 Hours
චීන රජයෙන් ‘රණවිරු සෙවණට’ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
සිය මිත්‍රත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍රතිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක් වටිනා භෞත චිකිත්සක උපකරණ තොගයක් යුද හමුදාව වෙත භාරදීම සිකුරාදා (05) වන දින කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිනි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත මෙම ද්‍රව්‍ය තොගය සංකේතාත්මකව භාර දුන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් විසිනි. එම අවස්ථාවට චීන මහජන යුද හමුදාවේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, තානාපති නිලධාරීන්, ආබාධිත රණවිරුවන් සහ තවත් ආරාධිතයින් බොහෝ දෙනෙක් එක්ව සිටියහ. මීට පෙර චීන තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලිපියකින් දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා ආරක්ෂක ලේකම් ඉංජි. කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ස්තූතිය හා ආශිර්වාදය ඔවුන් වෙත පළ කොට තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ආබාධිත රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා චින රජය සිදු කළ මෙම ක්‍රියාව මහත් සේ අගය කළ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ද පුද කළේය. මෙම චීන පරිත්‍යාගශීලීන් සමඟ යුද හමුදාපතිතුමා අදහස් හුවමාරු කර ගත් අතර, එම පරිත්‍යාගශීලීන් රණවිරු සෙවණෙහි නේවාසික සෙබලුන් හමුවට ද කැඳවා ගෙන ගියහ. චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නාවික උපදේශක ලුතිතන් කර්නල් මියාඕ කායි, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, විධායක ජෙනරාල් නන්දන උඩවත්ත, සුබසාධන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි, රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී නාපාගොඩ, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුවණකරසු සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.