Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2016 13:42:02 Hours

ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත වීර පදක්කම් ප්‍රදානය කෙරේ

ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම (ආර්එස්පි) ප්‍රදානය කිරීම සෙනසුරාදා (19) දින සඹරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගැමුණු හේවා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පි.යූ.එස්. විතානගේ සහභාගි විය.

රත්නපුර පැවති මෙම උත්සවයේ දී රණවිරුවන් 1363 ක් අතුරින් රණවිරුවන් 518 ක් වෙත පදක්කම් ප්‍රදානය කරන ලදි.

ප්‍රථමයෙන් ගැමුණු හේවා රෙජිමේන්තු ගීතය ගායනා කරමින් මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වා එදින වැඩසටහන ආරම්භ කෙරිනි.

ඉන් අනතුරුව රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

එමෙන්ම රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සවය අමතන ලද අතර, අනතුරුව ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනය කරන ලදි.

ඉන් පසු ජාතික ගීය ගායනා කරමින් උත්සවය අවසන් කෙරිනි.

මෙම පදක්කම් ප්‍රදානය කිරීමේ උළෙල සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.

Running sport media | Asics Onitsuka Tiger