Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 19:32:07 Hours

ගජබා රෙජිමේන්තුවේ දෙවන ආරක්‍ෂක ලේකම් රතු පලස් මතින් සිය රෙජිමේන්තු මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක ලේකම් ධූරයට පත් කිරීමෙන් අනතුරුව සිකුරාදා (13) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවය වර්ණවත් කරමින් එම අවස්ථාවට සපැමිණි ගජබා රෙජිමේන්තු පවුලේ සාඩම්බර ප්‍රවීණයෙකු වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න රතු පලස් මතින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. චාරිත්‍රානුකූලව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ගෞරවයට පාත්‍ර වූ මෙම උත්සවයට ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රා ගුණරත්න මහත්මිය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මෙන්ම ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් එක්වූහ.

ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ අද දින පැවැති පිළිගැනීමේ උත්සවයේ ඵෙතිහාසික වැදගත්කමක් උසුලනුයේ, රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රබල තනතුරු අතරින් එකක් වන ආරක්‍ෂක ලේකම් ධූරය හෙබවන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ට අමතරව රටේ පළමු පුරවැසියා වන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන තිදෙනා ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වීමය. එමෙන්ම, මේ වනවිට රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මෙහෙයන ප්‍රධානතම තිදෙනා ද වේ. ඇතැම් විට මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඵෙතිහාසික සන්ධිස්ථානයක් විය හැක. ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයන් සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි එම රෙජිමේන්තුවේ දෙවන ආරක්‍ෂක ලේකම්තුමන් රතු පලස් මතින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක ලේකම් ධූරය භාරගෙන රටේ පරිපාලනයේ ඉහළටම පැමිණි ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මෙන්ම ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික හා සේවයේ නියුතු විරෝදාර රණවිරුවන්ගේ ‘ගුරු’ වන අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ පිළිරුව අභියස මල් කළඹක් තබා සිය ගෞරවය පුද කළේය. සිය මතකයන් නැවත අවධාරණය කිරීමට අවශ්‍ය නැත, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ට යුධ පිටියේදී පුරෝගාමී මෙහෙවරක් සිදුකළ මේජර් ජෙනරාල් විජය විමරලරත්න විරුවා සමගින් පැවැති සමීප සම්බන්ධතා පිළිබඳ අතීත මතකයන් රාශියක් පවතී. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ දෙවන ආරක්‍ෂක ලේකම්වරයා වන අතර ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයෙකු වන අතිගරු ජනාධිපතිතුමන්, වර්ෂ 2015 ට ප්‍රථම ගජබා රෙජිමේන්තුවෙන් බිහි වූ පළමු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සේවය කළේය.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක ලේකම්තුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කිරීමට ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයෙකු වන ආරක්‍ෂක ලේකම්තුමන්ට ආරාධනා කරන ලදී.

එමෙන්ම, මෙදින විශේෂ සිදුවිමක් ලෙස ගජබා රෙජිමේන්තු සරඹ භූමියේදී එතුමන් වෙත සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය. ගජබා රෙජිමේන්තු තූර්යවාදක කණ්ඩායමේ රිද්මයානුකූල වාදනයත් සමඟ පෙළපාලි අණදෙන නිලධාරී සමඟ ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත ඔවුන්ගේ ගෞරවාචාරය පුද කළහ. එදින උත්සවයේ මීළඟ විශේෂ සිදුවීමක් ලෙස හමුදා සම්ප්‍රදායානුකූලව ගජබා රෙජිමේන්තු සාමාජිකයින්ගේ නව සමාජ ශාලාව විවෘත කළේය.

ඉන් අනතුරුව, එදින තවත් සුවිශේෂි මතකයක් එක්කරමින් ආරක්‍ෂක ලේකම්තුමන් හා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ භාර්යාවන් සමඟින් ගජබා රෙජිමේන්තු පවුලේ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා එක්වූහ.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා, යුද්ධ හමුදා ගීතය හා ගජබා රෙජිමේන්තු ගීතය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුන් සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීමෙන් අනතුරුව ජයග්‍රාහි සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කළහ.  5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වලාභීන් (25), අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූවන් (15), විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන් (5) සහ ගජබා රෙජිමේන්තු පවුලේ ආබාධිත සිසුන් 5 දෙනෙකු වෙත මෙලෙස ශිෂ්‍යත්ව පිරිනැමීය. මෙය ගජබා රෙජිමේන්තුවේ වාර්ෂික සිදුවීමක් ලෙස ද සදහන් කළ හැක.

මෙම ශිෂ්‍යත්ව බෙදාදීමට ආරක්‍ෂක ආමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක ආමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගුණරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය, ගජබා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු අධිපති ජෙනරාල් (විශ්‍රාමික) සීවලි වනිගසේකර එක්වූහ.

ඉන් අනතුරුව, නිලධාරී නිවස්නයේ පැවැති දිවා භෝජන සංග්‍රහයකට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් එම අවස්ථාවට එක්වූ නිලධාරීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ. නික්මයාමට ප්‍රථම, ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගජබා රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Best jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp