Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2017 19:04:40 Hours

ගංවතුරෙන් පීඩාවට පත් වු යාපනය ජනතාව වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් හි සහාය

යාපනය ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් මෑතකදී පීඩාවට පත් ජනතාව වෙත යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් රාත්‍රී පිසු ආහාර, පානීය ජල බෝතල් හා අනෙකුත් පහසුකම් ලබාදෙමින් සහන සලසා ඇත.

මෙම සහන මළු සෙට්ටියාර්තෝට්ටම් (ජේ/109), තිරුනේවේලි (ජේ/110) සහ පරවාකුලම් (ජේ/111) යන ග්‍රාම සේවා වසම් වල ජීවත් වන පීඩාවට පත් ජනතාව අතර ‍නොවැම්බර් 11 වන දින බෙදා දෙන ලදී.

තවද, පලාලි යුද්ධ හමුදා රෝහල මගින් සෙට්ටියාර්තෝට්ටම් ප්‍රදේශයේ පවත්වන ලද වෛද්‍ය සායනයකින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව සොයා බලා රෝගින් 56 දෙනෙකු සඳහා ද ප්‍රතිකාර ලබාදීම සිදුකරන ලදී.

Asics shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf