21st November 2023 20:59:38 Hours
පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත 20 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගංවතුර බැස යාමට පැවති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් ජීවිත තර්ජනයන් සහ නිවාස හානිවලට මුහුණු පා සිටින ප්‍රදේශවාසීන්ගේ අවශ්‍යතා සපුරාලමින් එම කානු පද්ධතිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ මඟපෙන්වීම මත අවතැන් වූ ප්‍රදේශවාසීන් එම ප්‍රදේශයන්ගෙන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුකරන අතරතුර පුල්මුඩේ අංක 1 පෙදෙස, හයිරිය පාර සහ පුල්මුඩේ අංක 2 පෙදෙස, සත්කුවනගර් යන ස්ථානයන්හි පිරිසිදු කිරීමේ වැඩසටහන් ද භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලැබීය.
20 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත නිලධාරින් 03 දෙනෙක් සහ සෙසුනිලයන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
කුච්චවේලි ප්‍රාදේශීය සභාව වෙතින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ සහ කම්කරුවන් ලබාදුන් අතර ප්‍රදේශවාසින් විසින් ලබාදුන් ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථ 04 ක් භාවිතා කරමින් ගංවතුරින් හානි සිදු වූ ප්‍රදේශයේ කඩා වැටී තිබූ පස් කඳු සහ ජලය ඉවත් කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සමත්වූහ.