Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2016 17:21:54 Hours

කොළඹ හෝටලයක අනුග්‍රහයෙන් පාසල් සිසුන් වෙත පා පැදි

කොළඹ හිල්ටන් හෝටලයේ අනුග්‍රහයෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 621 බලසේනාවට අයත් 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ දුෂ්කර පාසල්වල සිසුන් 51 දෙනෙකු වෙත පා පැදි බෙදාදෙන ලදි.

ඒ අනුව භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් සම්පත්නුවර ජාතික පාසලේ පැවති මෙම උත්සවයේ දී සම්පත්නුවර ජාතික පාසලේ සිසුන් 25 දෙනෙකු සඳහාද, ඇතාවැටුණුවැව පාසලෙහි සිසුන් 6 දෙනෙකු සඳහා, කල්‍යාණපුර පාසලේ සිසුන් 11 දෙනෙකු සඳහාද ගජබාපුර පාසලේ සිසුන් 8 දෙනෙකු සඳහාද පාපැදි බෙදා දීම සිදු කරන ලදී. මෙම අවස්ථෘව සඳහා පරිත්‍යාගශිලීන්, 621 බලසේනාවේ බලසේනාධිපති, 14 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ සිවිල් වැසියන් සහභාගි වූහ.

වැලිඔය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් දුෂ්කර ගම්මානවලින් පැමිණෙන ශිෂ්‍යාවන් හට ද මෙම පාපැදි ලබා දුන් අතර, එමගින් ඈත ප්‍රදේශයන්හි සිට පැසල වෙත පැමිණීමට ඔවුන් හට මහත් පිටුවහලක් වේ.

latest Running | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ