Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2017 22:33:50 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහල නත්තල් සමරයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ සේවය කරනු ලබන නිළධාරින් සහ‍සෙසුනිළයින් විසින් (22) සිකුරාදා නත්තල් දින උදෑසන කිතුණු දේවගැති පූජ්‍ය රැන්ඩිල් පියතුමා සහ ‘මැසෙන්ඩ් තරුණ කැළ’ සමග එක්ව නත්තල් බැති ගී ප්‍රසංගයක් පවත්වන ලදි.

කිතුණු දේවගැති පූජ්‍ය රැන්ඩිල් පියතුමා විසින් රෝහල් පරිශ්‍රයේ රැස්ව සිටි රෝගීන්ට හා සියළුම කාර්යය මණ්ඩලයට නත්තල් පණිවිඩය කියවන ලදි.

ළමා රෝගීන් හා සේවා මුක්ත පිරිස් වෙත ප්‍රමුඛත්වයක් ලබාදෙමින් නත්තල් බැති ගී ගායනා කලහ.

නත්තල් සීයා විසින් ත්‍යාග ප්‍රදානය කරමින් උත්සව අවස්ථාව වර්ණවත් කරන ලදි.

යුද්ධ හමුදා රෝහල් නඩත්තු කිරීම් හා කළමනාකරණ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් එච්.ආර් වික්‍රමසිංහ, යුද්ධ හමුදා රෝහල් අධ්‍යක්ෂ, කර්නල් පී.ඒ ප්‍රනාන්දු, සියළුම නිළධාරින් සහ සෙසුනිළයින් මෙම පුණ්‍ය ක්‍රියාවට සහභාගි විය.

affiliate tracking url | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C