Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2016 21:46:45 Hours

කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හරවත් විවාදාත්මක පසුබිමකින් නිමා වේ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ ආරක්ෂක සමුළුව - 2016 ‘මෘදු බලය සහ ගෝලීය ගැටළු කෙරෙහි එහි බලපෑම’ යන තේමාව යටතේ දින දෙකක් පුරා දේශීය හා විදේශිය යුද හමුදා විද්වතුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාළාවේ දී පැවති අතර, එහි සමාප්ති උළෙල සිකුරාදා (2) සන්ධ්‍යාවේ සනිටුහන් කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව සඳහා රටවල් 71 කට අයත් විද්වතුන් 800 ක් පමණ සහභාගි වූ අතර, එම සමුළුවෙහි සමාප්ති අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහභාගි විය. යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් සමුළුවෙහි සමාප්ති දේශනය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිදු කරනු ලැබීය. (එම සම්පූර්ණ කතාව පහතින් දැක්වේ) හොනලුලු ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ සහාය මාහාචාර්ය ශ්‍යාම් තෙක්වානි (හවායි), රියර් අද්මිරාල් ඩී සී ගුණවර්ධන, හොංකොං හි පිහිටි චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ආචාර්ය ඩෙරෙක් යුඑන් (හොංකොං), ජීවන්ති සේනානයක මිය, ගුවන් කොමදෝරු එච් එම් එස් කේ කොටකදෙණිය, ශ්‍රී ලංකා ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබද ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මහාචාර්ය රාම් මලික්කාලිංහම්, මේජර් ජෙනරාල් ඒ.පි ද ඉසෙඩ් වික්‍රමරත්න, ඩකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තු සහාය මහාචාර්ය රෂීඩ් උස් සමාන් (බංගලාදේශය), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පිලිප් කන්ලිෆ් (එක්සත් රාජධානිය), මහාචාර්ය ඒඩ්රියන් කෙන්ඩ්‍රි (එක්සත් රාජධානිය) සහ ආචාර්ය හරේන්ද්‍ර විදානගේ යන විද්වත් මඩුල්ල විසින් ආරක්ෂක අධ්‍යාපනය සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කරමින් මෘදු බලය කරා ලගා වීම, 21 වැනි සියවසේ දී ආරක්ෂක සහ සෞභාග්‍ය සඳහා මෘදු බලයේ ජවය, 21 වැනි සියවසේ දී යුද හමුදාව සහ මෘදු බලය සහ ඩිජිටල් යුගයේ දී මෘදු බලය පිළිබඳව දේශණ පවත්වනු ලැබීය. ඉන් අනතුරුව ආර්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් එක්ව සමුළුව සඳහා සහභාගි වූ සියලුම විදේශීය කථිකයින් හට සංකේතාත්මකය තිළිණ ප්‍රදානය කරනු ලැබීය. අවසානයේ කථිකයින් විසින් ශ්‍රී ලංකාව තුළ රැදී සටි කාලය තුළ දක්වන ලද ආගන්තුක සත්කාර සහ කාලෝචිත සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව යුද හමුදාපතිතුමා වෙත සිය කෘතඥතාවය පල කරනු ලැබීය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතා විසින් සිදු කරනු ලැබූ කතාව පහතින් දැක්වේ. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි අවසන් දෙශණය පැවැත්විමට ලැබීම මහා හට මහත් ගෞරවයක් වේ. හය වන වරටත් නොකඩවා ආරක්ෂක සමුළුව සංවිධානය කිරීම පිළිබඳව මා යුද හමුදාව වෙත සිය ස්තුතිය පිරිනමනු ලබනවා. මෙමගින් යුද හමුදාව ජාත්‍යාන්තර මට්ටමේ ඉසව් සංවිධානය කිරීමට ඇති හැකියාව මනාව පිලිඹිබු කරනු ලැබේ. මෘදු බලය පිළිබඳව තවදුරටත් විසමා බැලීමේ දී මා හට ඔබගේ අවදානය තබා ගැනීම මහත් විශාල කර්තව්‍යයක් වනු ඇත. මා මීට පෙර පැවසූ දේය පිළිබඳව පුනාවර්ථනය කිරීම ඔබ හට අපහසු නොවිය යුතුය. නෝනාවරුනි සහ මහත්වරුනි, 21 වැනි සියවසේ අප සියලු දෙනාම තිරසාර අනාගතයක් උදෙසා ප්‍රවිෂ්ඨ වී සිටිනනෙමු. මානව ශිෂ්ටාචාරයේ පටන් තාක්ෂණය සහ අවි ආයුධ පවතී. නමුත් ශිෂ්ටාචාර ගැටුම් සහ මතවාදයන් මේ නව සියවසේ සැමට කරදරකාරී වේ. තාක්ෂණයේ දියුණුව මගින් මනුෂ්‍ය සංහතියේ අනාගතය විනාශවීමට අප ඉඩ නොතැබිය යුතුය. අප එයින් ගැලවීම වෙනුවෙන් රාමුවක් ගොඩනැගිය යුතුය. තවද ජාලයන් සහ ආයතන පෘථිවියේ පවැත්මට දායක විය යුතුය. මේ අපගේ පරිවර්තතීය කාලයයි. ආසියානු ආර්ථිකයේ නැගීම තුළට ගෝලීය බලය නැගෙනහිර , බටහිර සිට සංක්‍රමණය වේ. මෙම වර්ධනයන් මත සාමයේ නැගීසිටිමේ හැකියාව වර්ධනය වේ. ලෝකයේ බලයද යම් විසරණයක් වෙමින් පවතී. ජනපද තනි පුද්ගලයින්, කණ්ඩායම්, රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයින් මේ වන විට වඩ වඩාත් කැපී පෙනේ. සමහරුන් තමන්ගේ අරමුණු අස්ථාවරව නිර්මාණය කරන අතර, බොහෝ දෙනෙක් තම අරමුණු නිර්මාණාත්මකව ක්‍රියා කරයි. වත්මන් පරිවර්තනයේ ප්‍රධාන පෙරලියක් ලෙස තාක්ෂණ සහ සන්නිවේදන ආකෘතියේ ප්‍රවේශය සදහන් කළ හැකිය. 21 වන සියවසේ මෘදු බලය යන සංකල්පය වර්ධනය කිරීම සඳහා නයී නම් දාර්ශනිකයාගේ ප්‍රකාශ ඉතා වැදගත් වේ. නෝනාවරුනි, මහත්වරුනි, ගෝලීය ගැටලු මත ‘මෘදු බලයේ’ බලපෑම විශ්ලේෂණය කිරීමේ දී වැදගත්වන ප්‍රවණතා තුනක් තිබේ. පළමුවැන්න ලෝක විපර්යාසය, දෙවනුව රාජ්‍ය නොවන අංශයන් පුහුණු කිරීමට බලය විසරණය කිරීම හා පුද්ගලයින් හා කණ්ඩායම් වශයෙන් සවිබලගැන්වීම් වේ. සයිබර් අවකාශයේ හෝ ලොව පුරා අන්තර් සම්බන්දතා සොයා යෑම ‘මෘදු බලයේ ’බලපෑම් උත්සන්නවීමට හේතු වේ. රට රටවල් අතර මෘදු බලය වඩාත් බලපෑමට ලක්ව ඇතිතේ ‘ඩිජිටල් බලය’ ඔස්සේ නව සම්බන්දතා පුළුල්වීමයි. නැගෙනහිර ආසියානු සහ ආසියානු පැසිපික් කලාපය තුළ සාමය හැඩගැස්වීමේ දී බෝහෝ රටවල් ප්‍රමුඛ කාර්ය භාර්යක් ඉටු කර තිබේ. ආරක්ෂක සංවිධාන හා දේශපාලන සංවිධාන ඉන් ප්‍රධාන වේ. බටහිර බලවතුන්ගේ ‘මෘදු බලයේ’ හැකියාවන් මැකීගොස් නැත. ඔවුන් නොකඩවා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය, ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍ය, තාක්ෂණික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්, සංස්කෘතීන් ආදිය ශක්තිමත් ආයතන ලෙස ක්‍රියාත්මක කරනු ලැබේ. ආසියාව කේන්ද්‍ර කර ගනිමින් විදේශ ප්‍රතිපත්ති හැඩගැස්වීමේ දී කලාපීය බලවතුන් ප්‍රමුඛත්වයේ ක්‍රියා කරනු ලැබේ. ආසියානු මුහුදේ විවිධ භූ දේශපාලනික පාර්ශවකරුවන්ගේ හැකියාවන් දිගින් දිගටම ස්මතු කරනු ලැබේ. බොහෝ රටවල් මෙම පරිවර්තනීය අදියරේ දී තමන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ දී මෘදු බලය යොදා ගනු ලබනවා. නෝනාවරුනි මහත්වරුනි මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. අද ශ්‍රී ලංකාව මෘදු බලයේ යතාර්ථය අත්විදිමින් සිටින අතර, සාමකාමී නව ප්‍රවේශයන් එය පිළිගැනීමට සූදානමින් සිටියි. සාමාකාමී සමාජයේ පෙළඹවිම් සඳහා සූදානම්ව පවතී. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර නීතියේ පලනය, නීතිය ප්‍රතිසන්ධානය කිරීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම මගින් අප රාජ්‍යයේ ‘මෘදු බලය’ වැඩි දියුණු වී ඇත.Adidas shoes | Nike News