14th December 2023 19:12:16 Hours
කොස්ලන්ද, කලීපානවෙල ගම්මානයේ පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින ඇති වූ නාය යාමෙන් එම ප්‍රදේශයේ නිවාසවලට දැඩි ලෙස හානි සිදුවී සිවිල් වැසියන් 250 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන් විය. එහිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් හි අධීක්‍ෂණය යටතේ ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ගැටළු විසඳීම සඳහා ජංගම වෛද්‍ය සායනයක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 12) දින පවත්වනු ලැබීය.
එම නාය යාම හේතුවෙන් නිවාස හයක් සම්පූර්ණයෙන්ම සහ නිවාස 20 කට අධික ප්‍රමාණයක් අර්ධ වශයෙන් විනාශ වු බැවින් එම නිවාසයන්හි සියලුම පදිංචිකරුවන් තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත යොමුකර ඇති අතර, අවතැන් වූවන් අතර වයෝවෘද්ධ පුද්ගලයින්, ගර්භනී කාන්තාවන් සහ ළමුන් පිරිසක් ද සිටිති.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් මූලිකත්වයෙන් අවතැන් වූවන් සඳහා වෛද්‍යවරුන්, මනෝ උපදේශකයින්, හෙද හෙදියන් සහ කණ්ෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේද සහයෝගය ඇතිව වෛද්‍ය සායනයක් කොස්ලන්ද ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අතර, එමගින් ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලු සඳහා අවශ්‍ය ඖෂධ සහ උපදේශන සේවා ලබාදීම සිදුකරනු ලබයි.