Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2020 22:37:18 Hours

කොවිඩ්-19 ආසාදිත ඉන්දියානු ජාතිකයා ප්‍රතිකාර සඳහා මුල්ලෙරියාව රෝහලට ඇතුළත් කරයි

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් තොටුපල බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව දෝහා කටාර් සිට නැවත මෙරටට හරවා එවු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබු ඉන්දීය ජාතකයා මනුෂත්වයේ උත්තරීතරත්වය විදහාපාමින් මුල්ලෙරියාව බෝවන රෝග රෝහල (IDH) වෙත ඇතුළත් කරන ලදී.

එම ඉන්දියානු ජාතිකයා 6E - 9091 ඉන්ඩිගෝ (Indigo) මගී ගුවන් යානයෙන් ඉකුත් බදාදා (17) දින 1730 පැයට පමණ මුම්බායි සිට මෙරටට පැමිණ ඇති අතර, ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින 0315 පැයට කොළඹ කටුනායක ගුවන්තොටුපළේ සිට QR - 669 ගුවන් යානයෙන් දෝහා කටාර් දක්වා ගමන් කරන ලදී.

කෙසේ වෙතත්, ඔහුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට කටාර් ගුවන් තොටුපල බලධාරීන් විසින් තහවුරු කරගැනීමත් සමඟ පැය කිහිපයක් තුළ සිකුරාදා (19) දින 0135 පැයට QR - 668 ගුවන් යානයෙන් නැවත කොළඹට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී තිබේ.

අද (19) දින උදෑසන ඔහු දෝහා කටාර් සිට කොළඹ ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු ක්ෂණික ප්‍රතිකාර සඳහා මිනිත්තු 45 ක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකා බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ අතර, අනතුරුව ඔහු 0215 පැය වනවිට මුල්ලෙරියාව බෝවන රෝග රෝහල (IDH) වෙත ඇතුළත් කරන ලදී. Nike sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ