Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2020 10:35:07 Hours

කොරෝනා වෛරසය මැඩපැවැත්වීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගයට සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටී

(මාධ්‍ය නිවේදනය)

වෙනත් රටවලට ප්‍රථම කොරෝනා නිරෝධායන ක්‍රියාපටිපාටීන් ඉටුකරමින් මීට සති කිහිපයකට පෙර චීනයේ ‘කොවිඩ් -19’ වෛරසය පැතිර තිබූ පළාතට ගොස් ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්‍ෂිතව නිවෙස් කරා රැගෙන ඒමට කටයුතු සිදුකළ අතර මේ වන විට ඒ හා සමාන නිරෝධායන ක්‍රියාවලියක් සිදු කිරීමට සූදානම්ව සිටී. ඒ අනුව වෛරස් තර්ජනයට ලක් වූ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල් වෙතින් පුනානී සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත ජනතාව තුන්දහසකට අධික ප්‍රමාණයක් අඟහරුවාදා (10) දින වන විට පැමිණෙමින් සිටියහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට රජය තීරණය කළ අතර මේ වන විට විවිධ කණ්ඩායම් අනවශ්‍ය බියක් ඇති කරගනිමින් මෙම ක්‍රියාවලිය සඳහා විවිධ බාධා පමුණුවමින් සිටී.

කෙසේ වෙතත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත පැය 72 කට අඩු කාලයක් තුළ හුදකලා, දුරස්ථ හා ඉතා අඩු ජනගහනයක් සහිත පූනානි සහ කන්දකාඩු ප්‍රදේශවල පිහිටි මධ්‍යස්ථාන දෙකක් වැඩිදියුණු කරන ලදී. මධ්‍යස්ථාන දෙකෙහිම පැමිණෙන පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සම්පූර්ණ කර තිබිණි. එලෙසම, ලුතිනන් ජෙනරාල් සිල්වා, අනෙක් අය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර, හදිසි අවස්ථා වලදී අනාගතයේදී භාවිතා කිරීමට අවශ්‍ය සුදුසු තවත් ස්ථාන කිහිපයක් ද මේවන විට පරීක්‍ෂා කරමින් සිටී.

තවද, මෙම නිරෝධායන ක්‍රියාවන්ට ලක්කිරීම වෙනුවෙන් ආදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට ගත් ප්‍රයත්නයේදී එකී රටවල සිට මෙරටට පැමිණි ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට නොයෙකුත් බාධාවන්ට මුහුණ දීමට සිදු වූ අතර අදාළ වාහනවල ගමන්ගත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට ප්‍රණිත ආහාරපාන ඇතුළු පහසුකම් ඉල්ලා සිටිම නිසා මෙම තත්ත්වය උද්ගත විය. එමෙන්ම, මෙම පිරිස රැගෙන ගිය බස් රථ නැගෙනහිර ප්‍රදේශයේදී ඇතැම් පිරිසක් විසින් මෙකි රැදවියන්ව නැගෙනහිර ප්‍රදේශයට රැගෙන ඒම පිළිබඳ දැඩි ලෙස ප්‍රතීක්ෂේප කරමින් විරෝධය පළ කළහ.

ඉකුත් අඟහරුවාදා (10) දින දහවල් වන විට කොළඹ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් (වෛද්‍ය) සවීන් සේගේ සහ හමුදා වෛද්‍යවරුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැමිණි 305 දෙනෙකුගෙන් යුත් පිරිස නිරෝධායන කටයුතු වලට ලක් කිරීම සඳහා භාර ගත්තේය. එමෙන්ම, පසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි එකම පවුලේ පියෙකු සහ පුතෙකු මෙන්ම විදේශිකයන් දෙදෙනෙකු ඇතුලත් මෙම කණ්ඩායම මීට පෙර අවස්ථාවක දියතලාවේ රදවා සිටි නිරෝධායන රැදවියන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට ඉතා සමාන වන අයුරින් එම හමුදා වෛද්‍ය විශේෂඥ කණ්ඩායම විසින් භාරගනු ලැබීය.

පසුගිය පැය 24 තුළ, පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද්ධ හමුදාව විසින් බස් රථ 281 ක් නැගෙනහිර දෙසට ගොඩබිම මාර්ගයෙන් රැගෙන ගිය අතර තවත් විදේශිකයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ‘Mi 17’ හෙලිකොප්ටරයකින් අඟහරුවාදා (10) දින අදාළ ස්ථානයන් වෙත රැගෙන යනු ලැබීය.

මෙම නිරෝධායන ක්‍රියාවලිය, එයට ලක්වන කිසිදු රැදවියෙකුට කිසිදු අපහසුතාවයක් හෝ කිසිදු පුද්ගලික වියදමකින් තොරව දියත් කළ පියවරක් වන අතර මෙම නිරෝධායන ක්‍රියාවලියට ලක්වන රැදවියන්ගේ යහපත උදෙසා මෙන්ම සමස්ථ ශ්‍රි ලාංකික ජනතාවගේම සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක් යටතේ පවත්වාගැනීම සඳහා සම්පූර්ණයෙන් බලපානු ලැබේ. එමෙන්ම ගෝලීය මට්ටමින් සීඝ්‍රයෙන් වර්ධනය වන ‘කෝවිඩ් 19’ මරාන්තික වෛරසය හේතුවෙන් උද්ගතව තිබෙන බරපතල තර්ජන පිළිබද නිවැරදිව තක්සේරු කිරිම සඳහා ද මෙම තත්ත්වය උපකාරී වේ.

පුරා දින 14 ක කාළ සීමාවකට යටත්ව සිදුකරන මෙම නිරෝධායන ක්‍රියාවලිය උද්ගත විය හැකි සුළු අඩුපාඩුකම් පිළිබද තැකීමකට ලක්නොකර සමස්ථ ශ්‍රි ලංකික ජාතියටම සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඉතා තීරණාත්මක අවස්ථාවක් වන මෙම වැදගත් ජාතික අවශ්‍යතාවයට බාධා නොකර ඒ වෙනුවෙන් අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන ලෙසට මෙම නිරෝධායන කටයුතු යටතේ පසුවන සියළුම ශ්‍රමිකයන්ගෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ඉල්ලීමක් ද කර ඇත. (නිමාව)latest Running Sneakers | Nike Releases, Launch Links & Raffles