Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2023 08:55:17 Hours

කෙන්යානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාව, භූතානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කෙන්යානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් බැසිල් මුවාම්බින්ගු මුවාකලේ (Colonel Basil Mwambingu Mwakale) මෙරට නිල සංචාරයක නිරත වූ අතර, අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී, දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳවත්, දෙරටෙහි ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් පිළිබඳව ද අදහස් හුවමාරු කරගන්නා ලදී.

සුහද හමුව සමාප්තියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ කර්නල් බැසිල් මුවාම්බින්ගු මුවාකලේ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.