Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2023 05:44:20 Hours

කෙඩෙට් නිලධාරින්ගේ පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සඳහා පවතින සූදානම පිළිබඳ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සොයාබලයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා හදාරා නුදුරේදී විසිරයාමට නියමිත කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 92, 92 බී, එස්සී 20 පාඨමාලාවන්හි කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සඳහා සිදුකරනු ලබන පර්යේෂණ අධ්‍යනයන් පිළිබඳ සාකච්ඡා කර ඔවුන් සතු දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (2023 නොවැම්බර් මස 21) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මූලස්ථානයේදී එම කෙඩෙට් නිලධාරින් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරතවූයේය.

2023 දෙසැම්බර් මස අධිකාරියට පත්කිරීමට නියමිත මෙම කෙඩෙට් නිලධාරින් විසින් ‘එක්සත් ජාතීන්ගේ සාමය සුරක්‍ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම’ තේමාව ඔස්සේ සිදුකිරීමට නියමිත අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සකස් කිරීම සඳහා ප්‍රථමයෙන් දත්ත සහ තොරතුරු රැස්කර දීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් මාතෘකාවට අදාළව කරුණු ගෙනහැර දක්වමින් පර්යේෂණ සඳහා නව මංපෙත් එම කෙඩෙට් නිලධාරින් වෙත විවර කරදෙනු ලැබූ අතර, මෙම කෙඩෙට් නිලධාරින් වෙත සුභපැතුම් පිරිනමමින් සිය වෘත්තීය අපේක්‍ෂාවන් සඳහා මෙවැනි ඉදිරිපත් කිරීම්වල වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කරදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඒ.එම්.ආර්. අබේසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පාඨමාලා නිලධාරියෙකු කෙඩෙට් නිලධාරින්ගේ අවසන් පර්යේෂණ අධ්‍යයන ඉදිරිපත් කිරීම සඳහා සහය දැක්වීමට මෙම අවස්ථාවට සහභාගී වූහ.