Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 22:36:30 Hours

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් තවත් දේශනයකට සවන්දෙයි

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පුහුණු කටයුතුවල තවත් එක් අධියරක් ලෙස කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත ඉකුත් සිකුරාදා (16) දින ‘මානව හිමිකම්’ පිළිබඳව දේශනයක් කිළිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී.

මෙම දේශනය වවුනියාව මානව හිමිකම් සංවිධානයේ රෝහිත ප්‍රියදර්ශණ මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ඩී.එම්.එල් චන්ද්‍රසිරි, කර්නල් මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් කර්නල් කේ.එච්.එන්.පී හැන්නදිගේ ඇතුළු නිලධාරීන් 26 සහ සෙසුනිලයින් 440 ක් සහභාගී වූහ. latest Nike release | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ