Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2020 22:36:46 Hours

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.එම්.ජේ.කේ ගුණරත්න ජනවාරි මස 15 සිට 29 දින දක්වා 57 වන සේනාංකය සහ 571 වන බලසේනා මූලස්ථානයෙහි නිල සංචාරයක නිරත වූ අතර එහිදී 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු යන ඒකකයන් හි සංචාරය කරන ලදී.

සංචාරයෙහි නිරත වූ කිළිනොච්චි ආඥාපතිතුමන්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ද සිල්වා ඇතුළු එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කණිෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙහිදී, කිලිනොච්චි ආඥාපතිතුමන් සියළු ඒකකයන්හී භටපිරිස් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ වෘත්තීමයභාවය ඉහළ නැංවීම සඳහා පුහුණුවේ වැදගත්කම සහ කාර්යක්‍ෂමතාවය මෙන්ම විනය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳ කරුණු එතුමන් විසින් අවධාරණය කළේය.

ඉන් අනතුරුව, 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් බලසේනාධිපතිවරුන් සහ සියලුම බලඇණි අණදෙන නිලධාරීන් වෙත මෙහෙයුම් හා පරිපාලනමය කරුණු වල ඇති වැදගත්කම පිළිබඳව දැනුවත් කරන ලදී. Best Authentic Sneakers | Womens Shoes Footwear & Shoes Online