Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2016 17:01:23 Hours

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍ර‍යේ ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවක් රෝපණය කරයි

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් විසින් එම මූලස්ථාන විහාර පරිශ්‍රයේ ජය ශ්‍රී මහා බෝධියෙහි ශාඛාවක් රෝපණය කිරීම ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කරන ලැබීය. කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ එම ආගමික උත්සවය පැවැත්වුණි. අනුරාධපුර, ‘මහමෙව්නා උයනෙහි’ රෝපිත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාව තුළ බෞද්ධයන්ගේ පූජනීයම වෘක්ෂයකි. එම බෝධින් වහන්සේ දඹදිව බුද්ධගයාවේ වැඩසිටින ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් වශයෙන් මෙරටට වැඩම කර අනුරාධපුරයේ රෝපණය කරන ලදී. එමෙන්ම, කිලිනොච්චිය ආඥාපතිගේ ආරාධනයෙන් කිලිනොච්චි මාන්කුලම් විහාරයේ විහාරාධිපති, පූජ්‍ය. හිගුරාකන්දේ සුමන ස්වාමින් වහන්සේ විසින් ආශිර්වාද පතා මෙහි ආගමික වතාවත් සිදු කරන ලදි. කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.Best jordan Sneakers | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes