Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st October 2016 00:05:18 Hours

කිළිනොච්චි ආඥාපති 57 වන සේනාංකයෙහි සංචාරයක

යුද හමුදා සෙබලුන්ගේ රාජකාරීන්, මෙන්ම විනය ඉතා උසස් තතවයෙන් පවත්වාගෙන යෑම පිළිබඳව භට පිරිස් උනන්දු කිරීමේ අදිටනින් කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අඟහරුවාදා (18) දින එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

එම සංචාරයේ දී ආඥාපතිතුමා සියලු නිලයින් අමතා ඔවුන්ගේ පුහුණු කටයුතු, මෙන්ම විනය ඉතා උසස් මට්ටමින් පවත්වාගෙන යෑමේ ඇති වැදගත්කම පිළිබඳව අවදාරණය කරනු ලැබූ අතර, එම සෙබලුන්ගේ අනෙකුත් පහසුකම් පිළිබඳව ද තොරතුරු විමසනු ලැබීය.

අනතුරුව එම සංචාරය සිහිගන්විමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්.ඒ.වී.ඒ සුදසිංහ විසින් කිළිනොච්චි ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ලබා දෙනු ලැබීය.

Nike shoes | THE SNEAKER BULLETIN