Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2017 07:30:31 Hours

කිලිනොච්චි භට පිරිස් ශ්‍රමදාන වැඩසටහන් මාලාවක

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව සමාජ සත්කාරක ශ්‍රමදාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.

571 බලසේනාව යටතේ ස්ථාපිත මලයාලපුරම් හි පිහිටි 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් එළඹෙන නත්තල් උත්සවයට සමගාමිව භාරතිපුරම් බැප්ටිස් දේවස්ථානය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක නිරත විය.

එමෙන්ම, 57 වන සේනාංක භට පිරිස් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ සිසුන් සමඟ එක්ව පාසල් ක්‍රීඩාංගණය හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ මඟපෙන්විම යටතේ සහ 571 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි ගේ අධික්ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කෙරිනි.

Nike air jordan Sneakers | Air Jordan